26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේදී යි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාශ්‍යප පුර, අරලගංවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයෙකි.

සැක කටයුතු පුද්ගලයකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු එම ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි.

සැකකරු ඉදිරි විමර්ශන සඳහා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාර දීමට නියමිතය.