― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලන්කන් සමාගමට මාස 06ක් කල් දෙයි

ශ්‍රී ලන්කන් සමාගමට මාස 06ක් කල් දෙයි

ඉදිරි මාස 06ක කාලය තුළදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රගතිය පෙන්විය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

එම මාස 06 තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මූල්‍ය විනයක් සමාගම තුළ ඇති කර ගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අද (11) පෙරවරුවේ ශ්‍රී ලන්කන් පාලනාධිකාරිය හා අමාත්‍යවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ.

ඒ අනුව ආකර්ෂණීය මූල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරි මාස 06 තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේනමුත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි.