28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව ඉල්ලා අස් වී ජනමත විචාරණයකට යා යුතුයි - විපක්ෂ නායක

ආණ්ඩුව ඉල්ලා අස් වී ජනමත විචාරණයකට යා යුතුයි – විපක්ෂ නායක

තවදුරටත් රට බංකොළොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විහිලු සැපයීම දැන්වත් නවතා දමා රට කළ හැකි කණ්ඩායමකට බාර දීමේ වගකීම ජනතාවට පවරන ලෙසත් හෙතෙම කීවේය.

විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ තිස්සමහාරාම මූලික රෝහලට උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනසක් සිදුවිය යුතු වුවත්, වර්තමාන රජය ඇස්බැන්දුම් ඔස්සේ ඇමැතිවරුන් මාරුකිරීමේ සංගීත පුටු තරගයක් ආරම්භ කොට ඇති බවද හෙතෙම කීවේය.

මේ වන විට නැවත වරක් රට තුළ පෝලිම් යුගය සහ සලාක යුගය නිර්මාණය වෙමින් ඇති බවත් දවසින් දවස ආණ්ඩුව විසින් ජනතාව පීඩනයට අසහනයට සහ අවාසනාවන්ත ඉරණමක් වෙත තල්ලු කරමින් සිටින බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය බලයට පත්වූ සැණින් රටේ ධන කුවේරයන්ට බදු සහන ලබාදෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීමෙන් තම අදූරදර්ශි වැඩ පිළිවෙළ ආණ්ඩුව ආරම්භ කළ බව බව කීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්