― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙරට නිපදවන සනීපාරක්ෂක තුවා බදුවලින් නිදහස්

මෙරට නිපදවන සනීපාරක්ෂක තුවා බදුවලින් නිදහස්

සනීපාරක්ෂක තුවාවලින් 92% කටම කිසිදු බද්දක් අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (11) සවස තල්දූව ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92 % ක්ම අප රට තුළම නිපදවන බවත් ඒ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවත්ය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආනයනික ඉතිරි 8 %ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් මෙරටට ගෙන එන අතර ඒ සඳහා අය කරන්නේද 22.5 % ක බදු මුදලක් පමණක් බවයි.

එමෙන්ම මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් 92 %ක්ම, සමාගම් තුනක් විසින් මෙරටදී නිෂ්පානය කරන අතර ඔවුන්ගෙන් කිසිදු බදු මුදලක් අය නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට සනීපාරක්ෂක තුවා අවශ්‍යතාවයෙන් ඉතිරි 8 % ක ප්‍රමාණය නිෂ්පාදිත ද්‍රව්‍ය ලෙස එක් සමාගමක් විසින් මෙරටට ගෙන්වන අතර එම ප්‍රමාණය සඳහා වරාය සහ ගුවන්තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද හා සෙස් බද්ද යන සියළු බදු එකතු වූ පසුද අය කරන්නේ 22.5 % ක බද්දක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම බදු ප්‍රමාණය අය කරන්නේද දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් පමණක් බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය යනු වැදගත්ම කණ්ඩායම, නොඑසේනම් වැදගත්ම සාධකය බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට විපක්ෂය හැසිරෙන ආකාරය ගැන ඔවුන් සඳහන් කරන දේවල් ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජය විසින්ද විශ්ලේෂණය කළ යුතු බවද සඳහන් කළා.