29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsබසයකින් ඇද වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

බසයකින් ඇද වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

අලුත්නුවර ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලන්ගොඩ පොලිසිය පැවසුවේ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ අලුත්නුවර ප්‍රදේශයේදී ලංගම බස් රථයකින් ඇද වැටී අද (12) කාන්තාවක් මියගොස් ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව, ගැමුණු පුර පදිංචි එම්. පොඩිමැණිකේ නම් 72 හැවිරිදි කාන්තාවක්.

පානදුර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකින් ඇද වැටුණු ඇය බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ.

මෙම කාන්තාව තවත් ඥාතින් පිරිසක් සමඟ පානදුර සිට මහියංගනය දක්වා ධාවනය වූ බස් රථයකට ගොඩ වී ඇති අතර ඇය බස් රථයේ පිටුපස අසුනකට යෑම සඳහා උත්සාහ කරන අවස්ථාවේදී පිටුපස දොරෙන් පිටතට විසි වී තිබෙනවා.

ඇය බලන්ගොඩ, මාමල්ගහ ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වී ආපසු පොළොන්නරුවට යෑම සඳහා මෙලෙස බස් රථයට ගොඩ වී ඇති බවයි ඇගේ ඥාතීන් පවසන්නේ.