― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ හම්බෙගමුව ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එම වැටලීමේදී මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමේ නිරත කාන්තාවක් මත්පෙති තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සන්තකයේ තිබී මත්පෙති තුන්සීය අසූවක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ප්‍රදේශයේ පුද්ගලයන් ඉලක්ක කර ඇය කලක් තිස්සේ මෙම මත්පෙති අලෙවි කර ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 53ක කාන්තාවක්.

සැකකාර කාන්තාව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.