ඇල්පිටිය තරුණියගේ ඝාතනයට අදාළ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය තරුණියගේ මස්සිනා වන සුදේශ් ප්රියංකර නම් පුද්ගලයෙක්.
ඔහු මෙම අපරාධය සිදු කර පළාගොස් තිබූ අතර ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 09 වැනිදා කරන්දෙණිය, තල්ගහවත්ත ප්රදේශයේ පදිංචිව සිටි හංසිකා නදීෂානි නැමැති 17 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබුණා.
මෙම ඝාතනයට ඇයගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා පිළිබඳව සැක සිතුණු පොලීසිය දිගින් දිගටම ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඝාතනය වූ තරුණිය අතර අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඝාතනය සිදුකළ බවයි.
මොහු විසින් ත්රිරෝද රථයකින් පැමිණ අදාළ තරුණිය පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති අතර පසුගිය 09 වැනිදා ඇල්පිටිය, තලාව ප්රදේශයේ තේ වත්තක තිබී තරුණියගේ මළ සිරුර සොයා ගනු ලැබුවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර කිරීමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.