― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදැරියක් දූෂණය කළ අයෙක්ට වසර 10ක සිර දඬුවමක්

දැරියක් දූෂණය කළ අයෙක්ට වසර 10ක සිර දඬුවමක්

නානුඔය පොලිස් බල ප්‍රදේශයේදී දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.

නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය අද (13) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පසුගිය 2011 වසරේ නානුඔය ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහොමඩ් සාලිඩ් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු එම ප්‍රදේශයේම දැරියකට ලිංගික අතවර කර තිබෙනවා.

දැරියගේ මවුපියන් මේ පිළිබඳව දැන ගැනීමෙන් පසු අදාළ පුද්ගලයාට එරෙහිව නානුඔය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දමා තිබෙනවා.

මේ පිලිබඳව විමර්ශන ඇරඹූ පොලීසිය මෙම පුද්ගලයාට එරෙහිව නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර එම නඩුවේ තීන්දුව අද (13) ප්‍රකාශයට පත් කෙරුණා.

සිද්ධියෙන් අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබාදෙන ලෙසට නියෝග කළ විනිසුරුවරයා මෙම මුදල වින්දිත දැරියට නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිර දඬුවමක් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

ඊට අමතරව විත්තිකරුට දඬුවම් මුදල ලෙස රුපියල් 15,000ක මුදලක් ගෙවන ලෙසත්, මෙම දඬුවම් මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවමක් යටත් වන ලෙසත් නියෝග කළා.