පොලිස් ත්රිරෝද රථයක් ඊයේ (13) යාපනය, පන්නෙයි කලපුවට වැටී තිබෙනවා.
යාපනයේ, කෝපායි පොලිසියට අයත් පොලිස් ත්රිරෝද රථයකුයි මෙලෙස කලපුවට පෙරළී ඇත්තේ.
අදාළ පොලිස් ත්රිරෝද රථය විමර්ශනයකට ගිය අවස්ථාවේදී කලපුවට පෙරළී තිබෙනවා.
අනතුරින් පොලිස් නිලධාරීන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
ප්රදේශවාසීන් පවසන්නේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්රිරෝද රථය කලපුවට පෙරළී ඇති බවයි.