28.9 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණේ පාතාලය මැඩලීමට විශේෂ අවධානයක්

දකුණේ පාතාලය මැඩලීමට විශේෂ අවධානයක්

දකුණු පළාතේ නිරන්තරයෙන් සිදුවන පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල පසුගිය දිනවල සිදුවු වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඊයේ (13) එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.

එහිදී පොලිස්පතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මෙවැනි අපරාධ යළිත් සිදුනොවන ලෙසට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මෙම සිදුවීම්වලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ යම් දුර්වලතාවක් තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

කෙසේනමුත් එම පරීක්ෂණවලින් නිලධාරීන් පිළිබඳ යම් දුර්වලතා අනාවරණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවයි පොලිස්පතිවරයා අවධාරණය කළේ.