― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsෆේස්බුක් පෙම්වතා කතකගේ ලක්ෂ ගානකට විදලා

ෆේස්බුක් පෙම්වතා කතකගේ ලක්ෂ ගානකට විදලා

කාන්තාවකගේ රුපියල් ලක්ෂ දොළහකට ආසන්න මුදල් හා දේපොළ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා ගල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ කාන්තාව විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර ඇත්තේ.

කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා මීට වසර දෙකකට පමණ පෙර ඕමානයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය බවත් මුහුණු පොත ඔස්සේ ලහිරු මධුසංක නම් පුද්ගලයෙක් හඳුනාගත් බවත්ය.

කෙසේනමුත් මුහුණුපොත හරහා ඔහු සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ගිය බවත් ඇය පවසා තිබෙනවා.

තඹුත්තේගම, මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම කාන්තාව පසුගිය 11 වැනිදා මෙරටට පැමිණ ඇති අතර ඇය එක්කරගෙන යෑම සඳහා මෙම පුද්ගලයා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා.

අනතුරුව ඔහු මෙම කාන්තාව සමඟ කොළඹට පැමිණ ඇයගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් ද රැගෙන ඇය මහනුවර ප්‍රදේශයට කැටුව යාමට උත්සාහ කළ බව ඇය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

යුද හමුදා සාමාජිකයෙක් ලෙස තමන්ව හඳුන්වා දී ඇති මෙම පුද්ගක්ලයා තමන්ට යුද හමුදා කඳවුරට යා යුතු බව පවසමින් ඇයට පානය කිරීම සඳහා කිසියම් බීමක් ලබා දී තිබෙනවා.

එය පානය කිරීමෙන් පසු කාන්තාව සිහිසුන් වී ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ රුපියල් ලක්ෂ හතහමාරක මුදලක්, රන් මාලයක්, අත්පළඳනා දෙකක් හා ජංගම දුරකතන දෙකක්ද සැකකරු රැගෙන පලා ගොස් තිබේ.

ඒ අනුව මෙම කානතාව සිද්ධිය සම්බන්ධයෙන් 12 වැනිදා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.