30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරු දෙදෙනා මරා පියාත් සියදිවි නසාගන්න හදලා

දරු දෙදෙනා මරා පියාත් සියදිවි නසාගන්න හදලා

අම්පාර, පෙරිය නීලාවනී, පාක්කියතුල් ප්‍රදේශයේ සාලියා වීදියේදී පියෙකු විසින් දරුවන් දෙදෙනාගේ ගෙල සිර කර මරා දමා තිබෙනවා.

ඉන්පසු ඔහුද සිය දිවි හානිකර ගැනීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (14) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුවී ඇති අතර ලේ විලක් මැද දරුවන් දෙදෙනාගේ සිරුරු වැටී තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි මුහම්මද් කලීල් මුහම්මද් රිකාස් 15 හැවිරිදි මුහම්මද් කලීල් ෆාතිමා බස්මියා නැමැති දියණියයි.

ඔවුන් දෙදෙනාම මානසික ආබාධයකින් පෙළී ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඔවුන්ගේ මව මීට මාස 05කට පෙර මිය ගොස් ඇති අතර 63 හැවිරිදි වියේ පසු වූඋ මුහම්මද් මිර්සා මුහම්මද් කලීල් නම් පියා තුවාල ලබා කල්මුණේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නීලාවනී පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.