― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද උෂ්ණත්වය තවත් ඉහළට

අද උෂ්ණත්වය තවත් ඉහළට

අද (15) දිනයේදී ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව ද සැලකිලිමත් වෙන ලෙසත් අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි විජලන තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා හැකි තාක් ජලය පානය කරන ලෙසත්ය.

එමෙන්ම පාසල් ළමුන් එළිමහන් ක්‍රියාකාරකම්වල නොයොදවන ලෙසත් වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.