29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචානාට සුබ ගමන්!

චානාට සුබ ගමන්!

දෙස් විදෙස් ක්‍රිකට් මාධ්‍යවේදීන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරී චානක සිල්වා මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් දිවිගමනින් සමු ගත්තේය. ‘චානා’ නමින් කවුරුත් ආමන්ත්‍රණය කළ 40 හැවිරිදි චානක මෙලොවින් සමු ගන්නා විට මග්ගොන පිහිටි සරේ ක්‍රීඩාංගණයට අනුයුක්තව සේවය කරමින් සිටියේය.

කළුතර, කටුකුරුන්ද ධර්මපාල විදුහලේ ආදි සිසුවකු වන චානා පාසල් අධ්‍යාපනයෙන් පසු 1999 වසරේදී ක්‍රිකට් ආයතනයේ සේවයට එක් වූ අතර, ඉන් වසර 18ක්ම සේවය කළේ මාධ්‍ය අංශයේය. ඒ කාලය තුළ ක්‍රිකට් මාධ්‍ය කුටියේ කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත් චානා ප්‍රකටව සිටියේ සිය රාජකාරිය අකුරටම ඉටු කළ නිලධාරියකු ලෙසය.

ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ලෙස ආදරය කළ චානා ක්‍රීඩකයන්ගේද සිත් දිනා සිටියෙකි. දරුවන් දෙදෙනකුගේ සෙනෙහබර පියකු වූ චානක සිල්වා මහතාගේ අවසන් කටයුතු පසුගියදා සිදු කෙරිණි.