26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරපුර මැදි විදුහල් පිටියේ ඉදි කිරීම් ඇමැති නිරීක්ෂණයට

අනුරපුර මැදි විදුහල් පිටියේ ඉදි කිරීම් ඇමැති නිරීක්ෂණයට

Author(s): 
අමිල ප්‍රභාත් වනසිංහ

අංග සම්පූර්ණ ලෙස ඉදි කෙරෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේ ඉදි කිරිමේ සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා (10) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

රුපියල් මිලියන හැටක ප්‍රතිපාදන යොදවමින් මේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සිදු කෙරේ. මේ ක්‍රිඩාංගණයේ මී. 400ක ධාවන පථයක්, නව ක්‍රීඩාගාරයක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම අපේක්ෂාවයි.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.පී.එස්. කුමාරසිරි, උද්දික ප්‍රේමරත්න, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති සෙනරත් බණ්ඩාර, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක්ද සහභාගි වූහ.