26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනියම් ඇසුරෙන් උපන් දරුවා ඝාතනය කළ මව අත්අඩංගුවට

අනියම් ඇසුරෙන් උපන් දරුවා ඝාතනය කළ මව අත්අඩංගුවට

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු පොලිස් වසමට අයත් විශ්වමඩු ඉලංගෝපුරම් ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය අලුත උපන් බිළිඳා ඝාතනය කර තිබෙනවා.

ඇය ස්වාමි පුරුෂයාගෙන් වෙන්වී දිවි ගෙවා ඇති අතර අනියම් සබඳතාවක් හේතුවෙන් ගැබ්ගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරනය වී ඇත්තේ.

ඒ අනුව මෙම කාන්තාව මීට දින තුනකට පෙර දරුවෙකු ප්‍රසූත කර ඇති අතර බිළිඳ මරා දමා තිබෙනවා.

කෙසේනමුත් අදාළ කාන්තාව රෝගී තත්ත්වයක් නිසා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

එහිදී පුදුකුඩිරිප්පු පොලිසිය කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී යි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) දිනයේදී දරුවා වළ දැමූ ස්ථානය විනිසුරුවරයෙකු ඉදිරියේ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.