25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉන්ධන මත අයකරන බදුවලින් ආණ්ඩුව මිලියන 750ක් දිනකට උපයනවා

ඉන්ධන මත අයකරන බදුවලින් ආණ්ඩුව මිලියන 750ක් දිනකට උපයනවා

මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නොවන බවත් ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් බද්ද පොඩ්ඩක් අඩු කරා නම් මෙවැනි ඉන්ධන මිල ඉහළ යෑමක් නොවන බවත් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද කීය.

“ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩිකිරීම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා, අද ජීවතුන් අතර සිටියානම් ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස්විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිකිරීමම නෙමෙයි. තවත් හේතු ගණනාවක් බලපෑවා. ප්‍රධාන හේතුව තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවීම. ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා. ජනතාව මතම මේ බර පටවන්නේ නැතුව, ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් මේ බරින් කොටසක් ආණ්ඩුවට ගැනීමේ හැකියාව තිබුණා. බද්ද පොඩ්ඩක් අඩු කරා නම්.”