― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෙඩි හුවමාරුවකදී සැකකරුවෙක් ජීවිතක්ෂයට

වෙඩි හුවමාරුවකදී සැකකරුවෙක් ජීවිතක්ෂයට

පසුගිය 09 වැනිදා ජා ඇල පොලිස් වසමේ දඬුගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රියේ ගණේමුල්ල පොලිස් වසමේ සුමේද මාවත ප්‍රදේශයේ නිවසක් වටලා ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඇති වූ වෙඩි හුවමාරුවේදී සැකකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන්පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි බුළුගහපිටිය, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ඪිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.