― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පනත් කෙටුම්පත් 02ක් සඳහා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සදහන් කළේ ඊයේ (20) දිනයේ මෙලෙස කථානායකවරයා විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත්වලට සිය සහතිකය සටහන් කළ බවයි.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස ඊයේ (20) දිනයේ සිට බලාත්මකයි.