― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබූස්සේ සිටි රැවුල් කුමාර සන්තකයේ දුරකථනයක්

බූස්සේ සිටි රැවුල් කුමාර සන්තකයේ දුරකථනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රැවුල් කුමාර සඟවා තබාගෙන තිබූ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (24) බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය A කොටසේ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී ඔහුගේ ඉනේ සඟවා තිබූ මෙම දුරකථනය සොයාගෙන තිබෙනවා.

පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසිනුයි මෙම විශේෂ සෝදිසි කිරීම සිදු කර ඇත්තේ.

මෙම සෝදිසි මෙහෙයුමේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘රැවුල් කුමාර’ යන රැඳවියා රඳවා සිටින සිර මැදිරිය හා එම රැඳවියා සෝදිසි කර ඇති අතර එහිදී රැඳවියාගේ ඉනෙහි සඟවා ගෙන තිබූ සිම්පතක් ජංගම දුරකථනයක්, චාජර් හා අමතර බැටරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.