28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් යළි බඳවා ගැනීමට පියවර

විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් යළි බඳවා ගැනීමට පියවර

විශ්‍රාමික ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වසර තුනක කාලයක් සඳහා යළි ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟය පියවීම සඳහායි අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සහිත ජාතික පාසල් පිළිබඳ තොරතුරු ද එක්රැස් කරමින් පවතින බවත් මෙම ගුරුවරුන් 6 සිට 11 දක්වා පන්ති සඳහා බඳවා ගැනීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ එම තොරතුරු ලැබුණු පසු එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි. මෙම චක්‍රලේඛයට අනුව මෙම ගුරුවරුන්ට විශ්‍රාම යාමේදී වැටුප් සමඟ ජීවන වියදම් දීමනාව ගෙවිය යුතුය.

මීට සමගාමීව උග්‍ර ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා ඉහළ පළාතේ බඳවා ගන්නා උපාධිධාරී ගුරුවරුන් සංඛ්‍යාව 5000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.