― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරලා

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (28) අලුයම 01.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර කැලුම් තුෂාර හෙවත් ‘ඉබ්බා’ නමැති 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ එම ප්‍රදේශයේම පුද්ගලයෙකු සමඟ කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදු කරන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.