28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී සිසුන් දෙදෙනෙක් රෝහලේ

විදුලි සැර වැදී සිසුන් දෙදෙනෙක් රෝහලේ

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරීම සඳහා උණ ගස් කැපීමට ගිය සිසුන් දෙදෙනෙකු විදුලි සැර වැදී රෝහල්ගත කර තිබෙනවා.

මොවුන් දෙදෙනා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිවාස නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය උණ ගස් කැපීම සඳහා විද්‍යාල භුමියේ පිහිටි උණ පඳුරකින් උණ ගසක් කැපීමට කටයුතු කර තිබෙනවා.

උණ ගසක් අසළ ස්ථාපිත කර තිබූ ට්‍රාන්ස්ෆෝමර්යට සවි කර ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියක මොවුන් දෙදෙනා ගැටී ඇති අතර
එහිදී සිසුන් දෙදෙනාට විදුලි සැර වැදී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එහිදී විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර අනතුරුව එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි
සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.