― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනුරාධපුරයට කුඩු බෙදූ අයෙක් මාට්ටු

අනුරාධපුරයට කුඩු බෙදූ අයෙක් මාට්ටු

අනුරාධපුර නගරයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 262ක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දාහතක් පමණ වන බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයෙක්.

මොහු අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙන එය කුඩා ප්‍රමාණයෙන් වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත අලෙවි කිරීම සිදුකර ඇති අතර එම ගැනුම්කරුවන් විසින් නැවත කුඩා ප්‍රමාණයට වෙන්කර හෙරොයින් මත්කුඩු අලෙවි කිරීම සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදියක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.