ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.
මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය මාස තුනක කාලය තුළයි.
මෙලෙස ඉවත් කර ඇති ඖෂධ අතරට ප්‍රතිජීවක, අක්ෂි දියර, දියවැඩියා සහ කැස්ස ඖෂධ, කැනියුලා සහ වෛද්‍ය උපකරණ රැසක් ඇතුළත්.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන දියවැඩියා ඖෂධය ප්‍රමිතියෙන් තොර බව තහවුරු වීමත් සමඟ දැනට මෙම ඖෂධ සහ ශල්‍ය උපකරණ රෝහලෙන් ඉවත් කර තිබෙනවා.