― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදංකොටුවේ නිවසක කාන්තා මළ සිරුරක්

දංකොටුවේ නිවසක කාන්තා මළ සිරුරක්

දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක කාන්තාවක් බවයි.

මෙම කාන්තාව තම පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ පුත්‍රයා ඊයේ (31) උදෑසන නිවසින් බැහැරට ගොස් ඇති අතර සවස යළි නිවසට පැමිණ බලන විට නිවසේ කාමරයක් තුළ ගෙල සිර කර තම මව ඝාතනය කර ඇති අයුරු දැක තිබෙනවා.

ඉන්පසු ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර සිද්ධිය සම්බධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.