29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරා දමලා

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරා දමලා

කලවාන නගරයේ පෞද්ගලික වාහන සේවා සපයන ආයතනයක් අසළදී තියුණු ආයුධයකින් පහර දී පුදගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කලවාන, ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි රාජිත ජයසූරිය නැමැති 54 හැවිරිදි විවාහක දෙදරු පියෙකු බවයි.

මෙම පුද්ගලයා ඊයේ (01) එම ස්ථානයේ මත්පැන් පානය කර ඇති අතර එහිදී තවත් අයෙක් හා ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ මොහු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.