32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි සිසුවෙක් දුම්රියට බිලිවෙයි

සරසවි සිසුවෙක් දුම්රියට බිලිවෙයි

ඊයේ (01) පස්වරුවේ දුම්රියේ ගැටී විශ්ව විද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවයි.

මෙම සිසුවා පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසළදී මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියේ ගැටී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, තල්පිටිය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සරසවි සිසුවෙක්.

පොලීසිය පැවසුවේ මෙම සිසුවා හෑන්ඩ්ස් ෆ්‍රී කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රිය පැමිණෙන හඬ නොඇසී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.