බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ බොරලැස්ගමුව, දේවාල මුල්ලේදී ඊයේ (02) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෘත්තියෙන් පෙදෙරේරුවෙකු වූ මාතර, කඹුරුපිටියේ පදිංචි ඉන්දික ලක්මාල් නමැති 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඔහු ඊයේ රාත්‍රියේ දෙහිවල ප්‍රදේශයේ හිතවත් ව්‍යාපාරික යුවළක් සමඟ ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් කුකුල් මස් මිලදී ගැනීම සඳහා දේවාලමුල්ල මස් වෙළඳසැලට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයෙන් බිමට බැස සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබූ පුද්ගලයෙක් මන්නයකින් ගෙල ප්‍රදේශයට පහරදී යතුරුපැදියෙන් නැවත දෙහිවල දෙසට පලා ගොස් තිබෙනවා.
මන්න පහරින් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවලට ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.
ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.