28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalටික්ටොක් සාදයට ගිය දැරියන් දෙදෙනා නතර වූ තැන

ටික්ටොක් සාදයට ගිය දැරියන් දෙදෙනා නතර වූ තැන

ටික්ටොක් සාදයකට යමින් සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු 06ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙනියාය, වැලිගම සහ මිරිස්ස ප්‍රදේශවල පදිංචි අවුරුදු 14, 17 සහ 20 වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

පසුගියදා පිටබැද්දර ප්‍රදේශයේදී රථවාහන පරික්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිළධාරීන් විසින් මෙම පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය පරීක්ෂාවකට ලක්කර ඇති අතර එහිදී රථය තුළ සිටි බාලයවස්කාරියන් පිළිබඳව සැක සිතී පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම පිරිස වැලිගම ප්‍රදේශයේ පැවත්වීමට නියමිත ටික්ටොක් සාදයකට සහභාගී වීමට යමින් සිටින බවයි.

අත් අඩංගුවට බාලවයස්කාර දැරියන් උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා නිවසින් පැමිණ ඇති බව වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
එම දැරියන් මිත්තණිය භාරයේ පසුවන අතර ඔවුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ලබාදී තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඇති කරගත් සම්බන්ධතාවයකට අනුව මෙලෙස ටික්ටොක් සාදයක් සඳහා ගමන්කරමින් සිට ඇති බව හෙළිවී තිබේ.

ඔවුන් පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අදාළ දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ. සෙසු සැකකරුවන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබේ.