27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් තොගයක් සමඟ අයෙක් පොලිස් දැලේ

මත්කරල් තොගයක් සමඟ අයෙක් පොලිස් දැලේ

යාපනය, තලෙයිමන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්කරල් විශාල ප්‍රමාණයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) තලෙයිමන්නාරම පොලිස් වසමේ කට්ටුකාරන් කුඩුඉරිප්පු හන්දිය අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී මත්කරල් 1,000ක් අලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් රැගෙන යමින් සිටි තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.