27.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදෙස් දුම්වැටි තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

විදෙස් දුම්වැටි තොගයක් සමඟ තරුණයෙක් අල්ලයි

නීතිවිරෝධී ලෙස විදේශීය රටක සිට මෙරටට ගෙන්වූ මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි විශාල ප්‍රමාණයක් ජාවාරම් කරමින් සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (03) මාළිගාවත්ත පොලිස් වසමේ, ඉක්බාල් මාවත, කොළඹ 10 මාර්ගයේ, ඉස්ලාමීය සෙන්ට්‍ර‍ල් මුස්ලිම් පල්ලිය අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීතිවිරෝධී ලෙස විදේශීය රටක සිට මෙරටට ගෙන්වූ මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 15,000 ක් ජාවාරම් කිරීම සඳහා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, මහ විද්‍යාලය මාවත පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.