ඉදිරි සති දෙක තුන තුළ විභාග රාජකාරීවල නිරත වන්නන්ට ලබාදෙන දීමනා ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාතේ උපාධිධාරී ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි බෙදාදීමේ උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.


