31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව එකේ ටෙනිස් ශූරයා පැරදවූ රුසියාවේ ඩැනියල්

ලොව එකේ ටෙනිස් ශූරයා පැරදවූ රුසියාවේ ඩැනියල්

ලොව එකේ ටෙනිස් ශූරයා වන සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජය කරමින් මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට රුසියාවේ ඩැනියල් මෙද්වදෙව් ඊයේ(12) සමත්විය.
 
25 හැවිරිදි ඩැනියල් මෙද්වදෙව්, දිනා ගත් පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව ද මෙය වේ. 
 
අවසන් මහා තරගයේදී රුසියාවේ ඩැනියල් මෙද්වදෙව් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත් කළේ වට 3 ට බින්දුවක් ලෙසයි. තරග වට තුනේම ලකුණු සටහන දැක්වුණේ 6 ට 4 ක් ලෙසයි. 
 
ඩැනියල් මෙද්වදෙව් මීට පෙර පැවති ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග දෙකක දී පරාජයට පත්ව තිබුණි. කෙසේවෙතත් ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරග තුනක් පරාජයට පත් 06 වන ටෙනිස් ක්‍රීඩකයා බවට පත්වීම වළක්වාලමින් තෙවන අවසන් තරගයේදී ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. 
 
ඒ අනුව මෙම වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4ක් දිනාගැනීමට තිබූ අවස්ථාව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියේ නොවැක් ජොකවික්ට මෙහිදී අහිමි විය. 
 
ලොව අංක එකේ ටෙනිස් ශූර ජොකොවිච් මේ වසරේදී දැනටමත් ඕස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත  විම්බල්ඩන් ශූරතා දිනා තිබුණි.