― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහවිරු සැමරුම්වලට එරෙහිව නීතිය තදින්

මහවිරු සැමරුම්වලට එරෙහිව නීතිය තදින්

කොටි සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිපත් කිරීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල පැවැත්වෙන ‘මහවිරු සැමරුම්’ උත්සවවලට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස්පතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මහවිරු සැමරුම් උත්සවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන ආනන්ද ජයමාන්න විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඊයේ (04) කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදු කළා.

එස්.යූ.බී. කරලියද්ද සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම ඊයේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙතෙක් පැවති මහවිරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළ පූර්ණ වාර්තාවක් තමා විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව සඳහන් කළා.

මීට අදාළව පොලිස්පතිවරයා ද අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් මහවිරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් නීතිය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවත් මින් ඉදිරියටත් මෙවැනි නීතිවිරෝධී උත්සව සම්බන්ධයෙන් නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කරන බවට පොලිස්පතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන බවත් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පොලිස්පතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙන හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් එම නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.