― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසාදයකදී 17 හැවිරිදි තරුණියකට වෙඩි

සාදයකදී 17 හැවිරිදි තරුණියකට වෙඩි

පොළොන්නරුව, ගිරිතලේ, යාය හතර ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි තරුණියක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ තරුණිය දැනට වසර දෙකකට පමණ සිට ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව මැය ඔහු සමඟ කලක් එකම නිවසක වාසය කර තිබෙනවා.

එහිදී ඔහුගෙන්න් සිදු වූ හිරිහැර ඉවසාගත නොහැකිව මීට සති කිහිපයක පෙර යළි තම මව්පියන්ගේ නිවසට පැමිණ තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා විසින් ඇයට යළි තමා වෙත පැමිණෙන ලෙස අවස්ථා කිහිපයක දී තර්ජන සිදුකර ඇත්තේ මේ අතරතුරදීයි.

කෙසේනමුත් දෙමාපියන් සමඟ වාසය කළ ඇය ඊයේ (14) රාත්‍රියේ අදාළ තරුණිය සහ ඇයගේ මව අසළ පිහිටි ඥාති නිවසක තිබූ උත්සවයකට සහභාගී වී තිබෙනවා.

තරුණිය සමඟ සම්බන්ධතාව පැවැත්වූ පුද්ගලයාද එම සාදයට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ඇය මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

වෙදි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තරුණියගේ උදරයට බරපතල හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.