28.1 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසජිත්ට තියෙන්නේ බල කෑදරකමක්

සජිත්ට තියෙන්නේ බල කෑදරකමක්

ඇමැති ගාමිණී ලොකුගේ

පවතින කොරෝනා වසංගතය පාලනය කරමින් රට ගොඩ නැංවීමට රජය හැකි සෑම කැප කිරීමක්ම සිදු කරමින් සිටියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමාජයට වැරදි ආදර්ශ සපයන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“කොරෝනා වසංගතය පාලනය කර ජනතාවට සහන සැලසීමට රජයට සහාය දැක්වීම වෙනුවට විපක්ෂ විපක්ෂ නායකවරයා බලයට කෑදර වී ප්‍රකාශ නිකුත් කරනවා. මේ මොහොතේ ලෝකයේ අනෙක් රටවල් සමඟ සසඳා බලන විට කොවිඩ් එන්නත දීමේ ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ජනාධිපතිවරයා සහ වෛද්‍ය උපදේශක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ඇතුළත් ක්‍රියාවලිය නිසයි. සමස්තයක් විදිහට ගත් විට මෙරට කොවිඩ් රෝගීන්ගේ රෝහල්ගත වීම අඩු වෙලා තිබෙනවා. අපට පෙනෙන්නේ මේ තත්ත්වය අනුව කොවිඩ් පාලනය වීමක් වෙමින් පවතින බවයි. කොවිඩ් පාලනයට රජය සෑම විටම මහන්සි ගන්නවා. ඒ එක්කම තවත් අර්බුද ගණනාවක් මතු වෙමින් තිබෙනවා. සමහර අය කමිටුවලින් ඉල්ලා අස් වෙනවා. සමහර අය ජනතාවට විවිධ කතන්දර කියමින් ඉන්නවා. විපක්ෂ නායකවරයා කියා තිබෙනවා, මේ වෙලාවේ ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. මේ රටේ කොවිඩ් රෝගය කොයිතරම් වැඩි වුණත් විපක්ෂ නායකවරයාටවත්, විපක්ෂයටවත් මේ තත්ත්වය සමථයකට පත් කරන්න වුවමනාවක් නෑ. බලය ගැන කෑදරකමට බලය ගැන විතරයි කතා කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ කලට වෙලාවට මැතිවරණ තියෙන පක්ෂයක්. ඒ ගැන ඔහු බය විය යුතු නෑ.”

නෙරංජලා වික්‍රමසිංහ