23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

අද (16) උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වනවා.