― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපෙම්වතියට හා මවට පිහියෙන් ඇන පෙම්වතා ගෙල වැළලාගනී

පෙම්වතියට හා මවට පිහියෙන් ඇන පෙම්වතා ගෙල වැළලාගනී

තම පෙම්වතියට සහ පෙම්වතියගේ මවට තියුණු ආයුධයකින් පහරදී පෙම්වතා ගෙළ වැළලාගෙන මියයාමේ පුවතක් ඉලවාලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ ඉලවාලෙයි පොලිස් වසමට අයත් පනිප්පුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

අද (16) අලුයම 4.00ට පමණ තම පෙම්වතිය බව කියන කාන්තාවගේ නිවසට ඇතුළු වූ එම පුද්ගලයා ඇයට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහර දී එතැනින් පලා ගොස් පාළු ඉඩමක ගෙල වැළලාගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූඋ තරුණිය හා ඇයගේ මව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.