― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබංකොලොත් වූ රට ගොඩගත්තේ රනිල් විතරයි

බංකොලොත් වූ රට ගොඩගත්තේ රනිල් විතරයි

මේ වනවිට පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් වී ඇති බවත් ආසනයට රටට වැඩක් කරන පුද්ගලයින්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එදා බංකොලොත් වී තිබූඋ රට භාරගැනීමට නායකයෙක් නොසිටි බවත් නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ එම වගකීම භාර ගත් බවත්ය.

සහල් ප්‍රතිලාභය ජනතාවට ලබාදීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටට පත්වනවා. සහල් කිලෝ විස්සක් ලබාදීම සඳහා එක් අයෙක් වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් වැයකිරීමට සිදුවෙනවා. නමුත් ජීවත් වීමට අගහිගකම් ඇති ජනතාව වෙනුවෙන් මෙම ප්‍රතිලාභ ලබාදීම ප්‍රශංසනීයයි. රට බංකොලොත් වී තිබු නිසා එදා රට භාරගන්න නායකයෙක් හිටියේ නැහැ. නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ එම වගකීම භාර ගත්තා. මේ වනවිට පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් වී තිබෙනවා. ආසනයට රටට වැඩක් කරන පුද්ගලයින්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් තිබෙනවා.

මා වසර විසි හතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ආර්ථික වශයෙන් රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වුණා. මින් ඉදිරියට පක්ෂවලට ඡන්ද දීමට ජනතාව ඉදිරියට එන්නේ නැහැ. එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු පහ සඳහා ද ඔබතුමාට මේ රට ජනතාව විසින් බාර දෙනවා. එය නියතයි.