28.4 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකවුරු කොහොම කිවුවත් සජබ කිසිම කෙනෙක් එජාපට යන්නේ නෑ

කවුරු කොහොම කිවුවත් සජබ කිසිම කෙනෙක් එජාපට යන්නේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

කවුරු සිහින මැවුවත්, සමාජ මාධ්‍යවල කුමක් පළ වුවත් සමඟි ජන බලවේගයේ කිසිම කෙනෙක් එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඉහළ යමින් පවතින බඩු මිල සම්බන්ධයෙන් පසුගිය දා (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් වෙළෙඳපොළ ප්‍රශ්නය විසඳිය නොහැකියි. මේ නීතියෙන් දැන් ඇතිව තිබෙන්නේ භාණ්ඩ හිඟයක්. නීතියෙන් වෙළෙඳපොළ කළමනාකරණය කළ නොහැකියි.

අපි පසුගිය යහපාලන කාලයේ මිල පාලනය ජීවන වියදම් කමිටුවෙන් සිදු කළා. වෙළෙඳපොළේ ඇති ඉල්ලුම සහ සැපයුම අනුව තීරණ ගත යුතුයි. මේ වන විට මිල පාලනය කෙසේ වෙතත් භාණ්ඩ හිඟයක් මතුව තිබෙනවා. මේ තත්ත්වය අනුව ඉදිරියේදී විශාල ආහාර අර්බුදයක් මතු වීමේ අවදානමක් පවතිනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර භාවිතය අත්හිටුවීමෙන් මීට වසර ගණනකට පෙර භාවිතයෙන් ඉවත් කර තහනමට ලක් කර ඇති වල්නාශක ගොවීන් ඔවුන්ගේ වගාවලට රහසේ භාවිත කරන බව අපට දැනගැනීමට ලැබී තිබෙනවා. ඉන්දියාවේ සිට මේ වල්නාශක බෝට්ටු හරහා අපේ රටට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ ජාවාරම් පිළිබඳව රජය සොයා බැලිය යුතුයි.

හම්බන්තොට ෆයිසර් එන්නත අරන් ගියේ මොන ප්‍රමුඛතාව මතද? වෛද්‍ය විශේෂ‍ඥ උපදෙස් මත කටයුතු කළ යුතු වුණත් පාලකයන් වැඩ කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික මතිමතාන්තර අනුව.”

කේ. එස්. හැන්නදි – රාගම සමූහ