― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකන් මිලට ගන්න ධම්මිකගේ අවධානය

ශ්‍රී ලංකන් මිලට ගන්න ධම්මිකගේ අවධානය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින්, ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින්ගේ නම් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ අනුව ආයෝජකයින් හය දෙනෙකුගේ නම් මෙලෙස ප්‍රසිද්ධියට පත්කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා පහත ආයතන සිය කැමැත්ත පළ කර ඇති බව සඳහන්.

  1. Air Asia Consulting Sdn. Bhd.
  2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd
  3. FITS Aviation (Private) Limited
  4. Sherisha Technologies Private Limited
  5. Treasure Republic Guardians Limited
  6. Hayleys PLC

මෙහි සඳහන් Hayleys PLC මෙරට දැවැන්ත සමාගම් සමූහයක් වන අතර එහි බහුතරයක් කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා සතු වනවා.

Hayleys PLC පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුවන බවයි වාර්තා වන්නේ.