― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගන්න ඔබටත් අවස්ථාවක්

ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑ කරගන්න ඔබටත් අවස්ථාවක්

ඕස්ට්‍රේලියාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන තාරුණ්‍යයට එම සිහිනය සැබෑ කරමින් අවශ්‍ය තොරතුරු ලබාදීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා නිවැරදි මාවතක් සොයමින් සිටින සියලුදෙනා දැනුවත් කිරීමේ අරමුණින් ‘Aus Lanka TV Education Migration Expo 2024’ නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

එළැඹෙන මැයි මස 04 වන සෙනසුරාදා කොළඹ 5, හැව්ලොක් සිටිහි දී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමටයි නියමිතයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව කටයුතු කරනු ලබන නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් ‘Aus Lanka TV Education Migration Expo 2024’ වැඩසටහන සඳහා එක්වනවා.

Student Visa, Sponsor Visa, Skill Visa සහ අනෙකුත් වීසා කාණ්ඩ ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසා දීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම වැඩසටහනට පැමිණෙන ආයතන විසින් ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකි සියලුම නිවැරදි ක්‍රම සහ දැනුවත් කිරීම් ද ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සූදානම්.

නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ ඊට එක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කරදීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

මෙම සියලු සේවාවන් නොමිලේ සපයන අතර, Aus Lanka TV මාධ්‍ය ආයතනය වසර ගණනාවක සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ආයතනයක්.

ඕස්ට්‍රේලියාවට පැමිණීමේ දී විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන අතර, ඔවුන්ට නිවැරදි මාර්ගයකින් ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා දැනුම ලබාදීම අරමුණු කරගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය මෙම ‘Aus Lanka TV Education Migration Expo’ වැඩසටහන සැලසුම් කර ඇත්තේ.