― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාතාලය මඩින්න විශේෂ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්

පාතාලය මඩින්න විශේෂ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය අද (25) කළුතර, කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

එම පුහුණුව හදාරන ලද විශේෂ යතුරුපැදිකරුවන් 96 දෙනෙක් යතුරුපැදි 48 ක් සමඟ මෙහිදී විසිර ගියා.

විසිර ගිය සියලු යතුරුපැදිකරුවන් වෙත සහතිකයක් මෙහිදී ලබා දුන් අතර මෙම යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර තිබෙනවා.

බස්නාහිර සහ දකුණ ප්‍රදේශවල හඳුනාගත් ජාවාරම්කරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම මෙහි අරමුණයි.