28.4 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුසන්තිකාගේ පවුලටම කොරෝනා

සුසන්තිකාගේ පවුලටම කොරෝනා

ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කර දෙමින් 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් සුසන්තිකා ජයසිංහ මහත්මියට හා ඇයගේ දරුවන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වෙයි.

හදිසියේම ඇති වූ උණ රෝගය හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහිදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුව දරුවන් දෙදෙනා ද පීසීආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහිදී ඔවුන්ද කොරෝනා ධනාත්මක බව තහවුරු විණ.

කෙසේ වුවද සුසන්තිකා හා දරුවන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවත්, ඊයේ පස්වරුවේ රෝහල්ගත වීමට සැලසුම් කර ඇති බවත් වාර්තා විය.

ප්‍රින්ස් ගුණසේකර