― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ කතක් අල්ලයි

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ කතක් අල්ලයි

විදේශීය රටක සිට නීතිවිරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ගෝනහේන පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (25) විශේෂ කාර්ය බලකාය විසින් කටුනායක පොලිස් වසමේ අමන්දොළුව මාර්ගයේ මාතර බත් කඩය ආසන්නයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහිදී විදේශීය රටක සිට නීතිවිරෝධී අයුරින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද (Manchester) වර්ගයේ දුම්වැටි 600ක් සන්තකයේ තබාගෙන සිටි තල්ගස්තොට, කටුනායක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.