― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅයිස් සමඟ ඇල්ලූ නාවික සෙබළුන් දෙදෙනා රිමාන්ඩ්

අයිස් සමඟ ඇල්ලූ නාවික සෙබළුන් දෙදෙනා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට අත්ඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙක් ඇතුළු සැකකරුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 434ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

මුල්ලේරියාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

එහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා.

ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.