24 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටේලර් යයි

ටේලර් යයි

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ බ්‍රෙන්ඩන් ටේලර් වසර 17ක අන්තර්ජාතික ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරයි.

34 හැවිරිදි ටේලර් හිටපු නායකයකු ද වන අතර, ඔහු එක් වන අවසන් ජගත් තරගය ඊයේ රාත්‍රියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්විණි.

ඔහුට එක්දින පිටියේ සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ පිතිකරු වීමට ඊයේ තරගයේදී තවත් ලකුණු 110ක් අවශ්‍යව තිබුණද රැස් කළ හැකි වූයේ ලකුණු 07ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2004 පැවැති එක්දින තරගයෙන් ජගත් පිටියට පිවිස ටේලර් එක්දින තරග 205කදී ලකුණු 6684ක් රැස් කර තිබෙන්නේ ශතක 11ක් සහ අර්ධ ශතක 39ක් සමඟිනි.

සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු රැස් කර ඇත්තේ ඇන්ඩි ෆ්ලවර්ය. 1992 – 2003 අතර කාලයේදී තරග 213ක් ක්‍රීඩා කළ ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 6786කි.

2011 සහ 2015 අතර, කාලයේදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ටේලර් ටෙස්ට් තරග 24කදී ලකුණු 2320ක් සහ විස්සයි20 තරග 45කදී ලකුණු 934ක් රැස් කර තිබේ.