22.8 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබඩෝවිට අසංකගේ ගෝලයෙක් හෙරොයින් සමඟ මාට්ටු

බඩෝවිට අසංකගේ ගෝලයෙක් හෙරොයින් සමඟ මාට්ටු

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බඩෝවිට අසංකගේ’ ගෝලයෙක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මොරටුව කඳවුරේ බස්නාහිර පළාත E කලාපයේ ආරක්ෂක රාජකාරී නිරත සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (30) දෙහිවල පොලිස් වසමේ දෙහිවල, ඕබන් සියිඩ්, පන්සල් වත්ත ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 590 ක් සන්තකයේ තබාගෙන සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ සමීපතමයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.