27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව මැයි මස 13 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙහි එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60ක ගමන් මලු රැගෙන යාමට අවස්ථාව හිමිවනු ඇති.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මකයි.

අන්තර් මෝසම් වැසි සක්‍රීය වීම හේතුවෙන් මෙම මගී යාත්‍රා සේවය පසුගියදා අත්හිටුවනු ලැබුවා.